Search

වීඩියෝ හා ජංගම දුරකථන ආශ්‍රිත  ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන්ට මානසික ගැටලු

වීඩියෝ හා ජංගම දුරකථන ආශ්‍රිත  ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන්ට මානසික ගැටලු ඇතිවන බව ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මනෝ විශේෂඥයන් පෙන්වා දෙනවා.

මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා මාලාවක් බටහිර ඔස්ට්‍රේලියාවේදී පසුගිය සතියේ පැවැති බවයි සඳහන් වෙන්නේ.

ඊට ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මනෝ විශේෂඥයන් සහභාගි වී තිබෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ වීඩියෝ ක්‍රීඩා වලට යොමු වුවන්ට ඒවායෙහි අත්දැකීම් පසුව මනෝමය වශයෙන් ලැබෙන බවයි.

එය මායාමය තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාවගෙන් සියයට දහයක් පමණ මෙම තත්ත්වයට පත්ව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

රෝගය හඳුනා ගැනීමේ සහ ඊට  ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතු බවටත් විශේෂඥයන් නිර්දේශ කර ඇති බව සඳහන්.

 

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »