
පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව ලකුණු තුන්සියයක් ඉදිරියෙන් රැඳී සිටින්නේ.
පළමු ඉනිමේදි ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 487 ට පිළිතුරු වශයෙන් පාකිස්ථානය ලබා ගත්තේ ලකුණු දෙසිය හැත්තෑ එකක් පමණයි.
ආරම්භක පිතිකරු උල්හක් ලකුණු හැට දෙකක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය ලෙසයි එය සටහන් වන්නේ.

පාකිස්ථාන පිතිකරුවන් තුන්දෙනෙකු ලකුණු 66 කට දවා ගනිමින් නේදන් ලයන් ටෙස්ට් කඩුලු 499 තෙක් ලඟා වී තිබෙනවා.
ලකුණු දෙසිය දහසයක් ඉදිරියෙන් සිටියද දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවී යාම හේතුවෙන්.

දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 2 කට ලකුණු 84 ක් ලබා සිටිනවා.
ඒ අනුව පාකිස්ථානයට වඩා ඔස්ට්‍රේලියාව සිටින්නේ ලකුණු තුන්සියයක් ඉදිරියෙන්. අද තරගයේ හතරවන දිනය.