Search

නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවට අහිතකර කාලගුණ තත්ත්වයක්

නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවට අහිතකර කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ.

ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවන බවයි කාලගුණ කාර්යාංශය පෙන්වා දී ඇත්තේ.

ඒනිසා ජලගැලීම් තත්ත්වද ඇතිවිය හැකියි.

තවත් ප්‍රදේශ රැසකට දැඩි උෂ්ණත්වයක් පවතිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක හතළිහකට වැඩි විය හැකි බවයි කාලගුණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ.

ප්‍රාන්ත කිහිපයක සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසු වන්නේ අහිතකර කාලගුණයෙන්  විපතට පත් වන පුද්ගලයන් සඳහා සහන සැලසීමට බව සඳහන්.

නිව් සවුත් වේල්ස්හි ගිලන් රථ සේවය කියා සිටින්නේ දුරකතන ඇමතුම් රැසක් ඔවුන් වෙත ලැබෙනු ඇති බවයි.

උෂ්ණත්වය වැඩි වීම නිසා පීඩාවට පත් වූවන් සඳහා අවශ්‍ය සේවා සැපයීමට සූදානම් බව ද ගිලන් රථ සේවය සඳහන් කළා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද කාලගුණය ආශ්‍රිත ගැටලු ඇතිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. බ්‍

රිස්බේන් හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් තුන ඉක්මවා යන අතර පර්ත් හි සෙල්සියස් 35 ක් වනු ඇතැයි සඳහන්.

කැන්බරා ආශ්‍රිතව සෙල්සියස් 33 ක් පමණ උෂ්ණත්වයක් වාර්තා වනු ඇති.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »