Breaking: ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කෙරේ

ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කෙරේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව රොෂාන් රණසිංහ පවසයි.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,

“කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.” 

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »