ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට – ලෝක කුසලානයේ Semi Final කාලසටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

එහි පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය එළඹෙන 15 වනදා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ලබන 16 වනදා කොල්කටා නුවරදීයි.

මේ අතර පකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) සිදු වුණා.

ඒ මෙවර එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව කඩුලූ 8කින් ජය ගත්තද, බංග්ලාදේශය, ශ්‍රී ලංකාවට වඩා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගැනීම හේතුවෙනුයි.

මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08 ට පත් වූ කණ්ඩායම් සියල්ල 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයකට සුදුසුකම් නොලැබූවේ ඉතිහාසයේ පළමු වරටවීම විශේෂත්වයක්.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »