
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මත වුණා.
ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ගැනීම විශේෂත්වයක්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ.

කෙසේවෙතත් යෝජනාවට අදාළව කිසිදු මන්ත්‍රීවරයෙකු විරුද්ධ නොවීම හේතුවෙනුයි එම යෝජනාව ඒකමතිකව සම්මත කල බව කථානායකවරයා සභාවට දන්වා සිටියේ.