ශ්‍රී ලංකා ක්‍රිකට් රාජ්‍ය බැංකු ගිණුමකින් $ මිලියන 02 ක් ගැනීමේ තැතක් – විරෝධතාවය නිසා පාරත් වැසේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින්  ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

‘දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම’ යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

එම අවස්ථාවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම බලධාරීන්ගෙන් එක් අයෙක් මේ වනවිටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

“නිදහස් චතුරස්‍ර ශාඛාවේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ගන්න කටයුතු කරනවා කියලා මට පණිවුඩයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න යනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා. මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ. එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.”

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය.

මේ අතර, බත්තරමුල්ලේ සීලරතන හිමි ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පොලීසිය විසින් උන්වහන්සේ ව අතරමඟ දී නවතා ඇති නමුත් පසු ව ලිපිය භාර දීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »