මුදල් අවභාවිත නඩුවකින් නාමල් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව ට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී තිබේ.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ ට චෝදනාව එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »