කැන්බරා හි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධියේ එක් චූදිතයෙකුට මාස 08 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
32 හැවිරිදි මොහු පසුගිය සැප්තැම්බර් මාසයේදී ජූරි සභාවක් විසින් වරදකරු බවට පත් කෙරුණා.
2021 වසරේ දෙසැම්බර් 30 වනදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුරදී මොහු විසින් අගුරු උපයෝගී කරගනිමින් ගිනි තැබීමක් සිදුකර ඇති බවටයි අනාවරණය වූයේ.
අදාළ ගිනි ගැනීමෙන් ගොඩනැගිල්ලට සිදුවූ හානිය ඩොලර් මිලියන 05 ක් ලෙස පසුව තක්සේරු කෙරුණා.
සැකකරුට මාස 23 ක සිර දඩුවමක් පළමුවෙන් නියම කෙරුණද වසර 02 ක් යහපත් කල් ක්‍රියාවෙන් සිටීමේ පොරොන්දුව මත එය පසුව මාස 08 කට අඩු කෙරුණා.