ටස්මේනියා වසරේ ජාත්‍යන්තර සිසුවා අවසන් වටයට ලාංකික ශිෂ්‍යාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ වසරේ ජාත්‍යන්තර සිසුවා තරගාවලියේ අවසන් වටයට ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකද තේරී පත්වී තිබෙනවා.

කුලුණි පියුමිකා මිල්ලනියගේ නම් ඇය ටස්මේනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමිනුයි සිටින්නේ.

ප්‍රාන්තයේ දැව කර්මාන්තය සඳහා පුනර්ජනනීය වගා කිරීම් යොදාගත හැකි ආකාරය පිළිබඳවයි ඇයගේ අධ්‍යයනයට පාදක කරගෙන ඇත්තේ.

ටස්මේනියා ප්‍රාන්ත ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරය හොබවනු ලබන්නේද කුලුණි පියුමිකා මිල්ලනියගේ විසිනුයි.

එමෙන්ම ශ්‍රී ලාංකික සිසුන්ගෛ් දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන්ද ඇය කීර්තියට පත්වී සිටිනවා.

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »