2022 නිව් සවුත් වේල්ස් ගංවතුරෙන් විපතට පත් ජනතාවට වසරකට පසු වන්දි

2022 නිව් සවුත් වේල්ස් ගංවතුරෙන් විපතට පත් මධ්‍යම සහ බටහිර ප්‍රදේශ වැසියන් සදහා වසරකට පමණ පසු ඩොලර් මිලියන 50 ක  වන්දි මුදල් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගංවතුරින් විනාශයට පත් නිවාස මෙන්ම දේපල යළි ප්‍රතිසංස්කරණය කිරීම සදහා එම මුදල් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ගංවතුර සදහා ඔරොත්තු දිය හැකි ආකාරයේ අමුද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් නිවාස ඉදි කිරීම කෙරෙහි ජනතාව උනන්දු කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ වසරකට ආසනන් කාලයක් අදාළ වැසියන් ගංවතුරෙන් පීඩා විදි අතර අදාල ප්‍රතිපාදන අයතියට පත් සෑම පවුලක් වෙතම ලබා දෙන බවයි.

මේ අතර ගංවතුර වැනි ස්වභාවික ආපදා සම්බන්ධයෙන් රක්ෂණ සමාගම්හි ක්‍රියාකලාපය පිළිබද විමර්ශනයක් පැවැත්වීම කෙරෙහි ද ෆෙඩරල් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »