ජනමත විචාරණ අනියම් සේවකයින්ට මෙතෙක් ගෙවීම් සිදුකර නොමැති බවට චෝදනා

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව මැතිවරණ රාජකාරිවල නිරතවු අනියම් සේවකයින් හට මෙතෙක් අදාළ ගෙවීම් සිදුකර නොමැති බවට චෝදනා එල්ල වනවා.

මැතිවරණය පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගතවුවද මෙතෙක් කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවයි අනියම් සේවකයින් පවසන්නේ.

අනියම් සේවකයින් අතරට විශ්‍රාමිකයින්, දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි දැනුම ඇති පුද්ගලයින් හා සුලූ ආබාධ සහිත ළමුන්ගේ දෙමව්පියන්ද ඇතුලත් වනවා.

මැතිවරණ කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙන්නේ ජනමත විචාරණයට සමගාමීව රට පුරා තාවකාලික සේවකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සේවයේ යොදවා තිබූ බවයි.

මේ අතර මැතිවරණ ගිවිසුම් ප්‍රකාරව අනියම් සේවකයින්ට සෑම පැය තුනකට වරක් වැටුප් සහිත විනාඩි 10 ක විවේකයක් සදහා හිමිකම් පැවතිය ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් තමන්ට හිමි විවේකය පවා තහනම් කර තිබූ බවයි අනියම් සේවකයින් අනාවරණය කරන්නේ.

සේවක වෘත්තීය සමිති චෝදනා නගන්නේ මැතිවරණ කොමිෂන් සභාව අනියම් සේවකයින්ගෙන් ප්‍රමාණය ඉක්මවා සේවය ගෙන ඇතත් ගෙවීම් සිදුකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »