වික්ටෝරියා ඉවතලන ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ගෙවීම අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවතලන ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ගෙවීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව තමන් සතු විවිධ කෑන් – බෝතල් සහ විවිධ ඇසුරුම් භාරදී එක් අසුරණයකට ඩොලර් ශත 10 ක් බැගින් මුදල් ලබාගැනීමට හැකියාව පවතිනවා.

දැනට මෙවැනි ස්ථාන 200 ක් වික්ටෝරියාව පුරා ඇති අතර ලබන වසරේ අගෝස්තු මාසය වනවිට අදාළ ස්ථාන සංඛ්‍යාව 600 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන ඉලක්කයක් බව සඳහන්.

වීදුරු – කාඩ්බෝඩ් – ප්ලාස්ටික් හෝ ඇලූමිනියම් වලින් නිෂ්පාදිත අසුරණ මේ යටතේ භාරදිය හැකියි.

කෙසේවෙතත් කිරි – රස කල කිරි – කෝඩියල් – සිරප් – මත්පැන් වැනි දියර අසුරණ භාර ගැනීමක් සිදුවන්නේ නැහැ.

වසර 03 කට ආසන්න කාලයක් පුරා අත්හදා බැලීමෙන් අනතුරුවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්තවාසීන් රැසක් අවධාරණය කරන්නේ ලබාදෙන මුදල ඉහළ නැංවීමට පියවර ගත යුතු බවයි.

මේ අනුව අද සිට මෙවැනි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන එකම ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්වනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »