ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරි ගන්වන්නා ලෙස කටයුතු කල පර්සි අබේසේකර මියගොස් තිබෙනවා.
ඒ වයස අවුරුදු 87 දීයි.
ඔහු පළමු තරගය නරඹා ඇත්තේ 1948 දී යි.
ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයක්.
පර්සි මුල් වරට සිංහ කොඩිය අතින් ගෙන කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත සංචාරය තුලයි.
එදා සිට ඔහු අසනීප තත්වයට පත්වන තුරු සිංහ කොඩිය යනු ඔහුගේ දිරි ගැන්වීමේ ක්‍රියාවලිය තුල අනිවාර්ය අංගයක්.