ගාසා තීරයේ සටන්විරාම යෝජනාව සම්මතයි – ලංකාව පක්ෂ වෙයි / ඔස්ට්‍රේලියාව නිහඩයි

ගාසා තීරයේ ගැටුම් වහා නවතා දමා සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත ගෙන ආ යෝජනාව සම්මත වී තිබෙනවා.

එහි විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලමිනුයි ජෝර්දානය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද 14 ක් සහ රටවල් 45 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙනු ලැබුවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව – ඉන්දියාව – මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් 45 ක් නිහඩ පිළිවෙතකුයි අනුගමනය කරනු ලැබුවේ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »