අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර ට ලබා දී ඇත.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
සෞඛ්‍ය අමාත්‍ය ධුරය රමේෂ් පතිරණට ලබා දී ඇත.
මීට පෙර මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් වැඩකටයුතු සිදුකළේය.