දසුන් ශානක ලෝක කුසලානයේ ඉතිරි සියලු තරගවලින් ඉවතට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක එක්දින ලෝක කුසලානයේ ඉතිරි සියලු තරගවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති.

දසුන් ශානකට සති තුනක් පමණ ක්‍රීඩා කිරීමට නොහැකි වන බවටයි වාර්තා වන්නේ.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටද හෙට ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වී ඇත්තේ ඔහුද ආබාධයකට ගොදුරුවී සිටීම හේතුවෙනුයි.

මේ අතර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රැඳී සිටින චාමික කරුණාරත්න, දසුන් ශානක වෙනුවට කණ්ඩායමට එක්වනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකා සංචිතය සමÛ එක්වීමට ප්‍රමෝද් මදුෂාන් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

නායක දසුන් ශානක ඉදිරි දින කිහිපයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ක්‍රිකට් වාර්තාවල දැක්වෙන්නේ.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »