ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි අනතුරකට ලක්වීමෙන් පසු ඔහු මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගෙන තිබීම විශේෂත්වයක්.

ඔහු වේදිකාව – වෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට යන ක්ෂේත්‍ර 03 හිම දක්ෂතා දක්වා ඇති අයෙකු ලෙසයි හැඳින්වෙන්නේ.

වාරුවෙන් යන මිනිසුන් – මානවයෝ – මෙතනින් මාරුවෙනු – මධුර ජවනිකා – ලෝම හංස වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු රග පා තිබෙනවා.

පළිගු මැණිකේ – ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ යනු ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්.

අග්නිදාහය – අයෝමා – බවදුක – මිල්ල සොයා – අස්වැසුම – ගිනි අවි සහ ගිනි කෙළි ඇතුලු චිත්‍රපට රැසකටද ජැක්සන් ඇන්තනී රංගන දායකත්වය සපයා තිබෙනවා.

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »