Search

වසර 17 කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා මලල ක්‍රීඩා පදක්කමක්

වසර 17කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් අද (03) හිමි විය.

ඒ, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නදීශා දිල්හානි ලේකම්ගේ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමත් සමගයි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී අද පැවැත්විය.

නදීෂා දිල්හානි ලේකම්ගේ මෙම තරගයේදී මීටර මීටර 61යි දශම 5යි 7ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

ඇය එම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය එයයි.

ඒ අනුව 2006 වසරේදී  සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.

අද පැවැති හෙල්ල විසි කිරීම කාන්තා  රන් පදක්කම ඉන්දියාව දිනා ගත් අතර, ලෝකඩ පදක්කම හිමි  වූයේ චීනයටයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »