Student Visa ඇවිත් රැකියාවල පමණක් නිරතවන්නන්ට එරෙහි දැඩි නීති මේ සතියේදී

ශිෂ්‍ය වීසා මත පැමිණ අධ්‍යාපන කටයුතුවල නිරත නොවී රැකියාවල පමණක් නිරත වන පුද්ගලයන්ට එරෙහි නීති දැඩි කිරීමට ෆෙඩරල් රජය සූදාම් වනවා.

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කලේ මෙම සතිය තුළදී ඊට අදාළ සියලු තොරතුරු ප්‍රකාශයට පත් කරන බවයි.

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ පවතින ඇතැම් හිඩැස් හමුවේ එම වීසා බලපත් අයථා ලෙස භාවිත කර රැකියා සඳහා පුද්ගලයන් ගෙන්වන ජාවාරම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ විසින් මේ වනවිට හෙළිකරගෙන තිබෙනවා.

මේ හරහා මිනිස් ජාවාරම් වැනි දෑ සඳහා අනුබල දෙන රටක් බවට ඔස්ට්‍රේලියාව පත්වීම වළක්වා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කරන්නේ.

ලියාපදිංචි පාඨමාලාව වෙනස් කල නොහැකි අයුරින් පණවා ඇති නව රෙගුලාසියද නව සංශෝධනවල මූලික පියවරක් ලෙසයි සැළකෙන්නේ.

සැබෑ ලෙසම උසස් අධ්‍යාපනයට පැමිණෙන පිරිස් වෙනුවෙන් වැඩි අවස්ථා සැළසීමට ඉදිරියේදී තවත් දැඩි රෙගුලාසි පණවන බවටයි ෆෙඩරල් රජය සහතික වන්නේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »