මාස 06 කට පසු බ්‍රිස්බන් උෂ්ණත්වය වැඩිම දිනය අද ?

මාස 06 කට පසු බ්‍රිස්බන් හී උෂ්ණත්වය වැඩිම දිනය අද වනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකර තිබෙනවා.

එම අගය සෙල්සියස් අංශක 33 දක්වා ඉහළයා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අතර ගෝල්ඩ්කෝස්ට් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ක් ද ටවුන්ස්විල් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් ද සන්ෂයින් සහ ටූවෝම්බා හි වෙරළතීර ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

මෙම වසරේ බ්‍රිස්බන් හි උෂ්ණත්වය වැඩිම දිනය පසුගිය පෙබරවාරි මාසයෙන් වාර්තා වු අතර එම අගය සෙල්සියස් අංශක 35.7 ක්

කෙසේවෙතත් සාමාන්‍යයෙන් සැප්තැම්බර් මස බ්‍රිස්බන් හී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.6 ක් ලෙසටයි වාර්තා වන්නේ.

එල් නිනෝ දේශගුණ තත්වය හමුවේ ඉදිරියේදී වියළි හා උණුසුම් කාලගුණික තත්වයන් සදහා රට මුහුණ පා හැකි බවට කාළගුණ අංශ මේ වන විටත් අනතුරු අගවා තිබෙනවා.

ඇතැම් ප්‍රදේශයන්හී ලැව්ගිනි අවධානම ද ඉහළ බවටයි දන්වා ඇත්තේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් කැළෑබද ප්‍රදේශ ගිණි තැබීමේ මෙහෙයුම් ආපදා අංශ විසින් ආරම්භ කර තිබුණ ද පවතින දැඩි වියළි කාලගුණය සමග එම කටයුතු ද තාවකාලීකව නවතා දමා තිබෙනවා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »