Search

වියදම් කපා හැරීමට Westpac බැංකුවෙන් Online සහයක්

පවතින ආර්ථික වාතාවරණය යටතේ අපහසුතාවයට පත්ව සිටින ගණුදෙනුකරුවන් සඳහා ලබාදෙන සහය ඉහළ නැංවීමට මෙරට ප්‍රධාන බැංකු 04 න් එකක් වන වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

පසුගිය වසර තුළදී තමන් විසින් වියදම් කපා හැරි බවට සමීක්ෂණයකට සහභාගී වූ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 9/10 ක්ම පවසා තිබීමත් සමගයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

ඉදිරියේදී සිය ආර්ථික තත්වය අයහපත් වනු ඇති බවට සියයට 49 ක් මෙහිදී මත පළ කර තිබුණා.

ඒ අනුව අනවශ්‍ය වියදම් පාලනයට සහ ඉතුරුම් වැඩි කර ගත හැකි ක්‍රමවේද පිළිබඳ ගණුදෙනුකරුවන් දැනුවත් කිරීම ඉහළ නැංවීමටයි වෙස්ට්පැක් බැංකුව විසින් සැළසුම් කර ඇත්තේ.

පළමු අධියර යටතේ ඔන්ලයින් ක්‍රමවේද 02 ක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතයි.

එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ බිල්පත් වැනි ගෙවීම් නියමිත දිනවලදී සම්පූර්ණ කිරීමට සහ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහායි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »