සිඩ්නි දැඩි උණුසුම වසර 164 ක වාර්තාවක් බිඳී – පාසල් 21 ක් අද වැසේ

සිඩ්නි නගරයට බලපා ඇති දැඩි උණුසුම් කාළගුණය හමුවේ පාසල් 21 ක් අද දිනයේදී වසා දමා තිබෙනවා.

අවධානම් ස්ථාන රැසකට ලැව් ගිනි අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි ප්‍රාන්ත ආපදා අංශ කටයුතු කර ඇත්තේ.

අද දිනයේදී සිඩ්නි නුවර උපරිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 34 ක් සටහන් වනු ඇති බව සඳහන්.

වසර 164 ක ඉතිහාසයේදී සැප්තැම්බර් මාසයේ දිනයක සිඩ්නි නගරයේ උෂ්ණත්වය අංශක 34 ඉක්මවා ගොස් ඇත්තේ අවස්ථා 03 කදී පමණයි.

එයින්ද ආසන්නම අවස්ථාව සටහන් වන්නේ මීට වසර 58 කට පෙර 1965 වසරේදීයි.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටද අද සහ හෙට ලැව් ගිණි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසර 04 තුළදී ලැව්ගිනි පාලනය කිරීම සඳහා සහය වූ ක්වීන්ස්ලන්ඩ් ස්වේච්ඡා භටයන් 10,000 ක් පමණ සේවය අතහැර ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »