
පරිශීලකයන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන ආචාර ධර්ම පද්ධති මාලාවක් ලබන වසරේ මැද භාගය වනවිට සකස් කර අවසන් කරන්නැයි ෆෙඩරල් රජය විසින් dating ඇප්ලිකේෂන සමාගම් වෙත නියෝග කර තිබෙනවා.
එසේ නොවුණහොත් දැඩි නියාමනයක් සිදුකිරීමට සිදුවන බවටයි අනතුරු අගවා ඇත්තේ.
අන්තරජාලය ඔස්සේ ජනප්‍රිය ලෙස පරිශීලනය වන dating ඇප්ලිකේෂණ භාවිත කරන පුද්ගලයින් 3/4 ක් කුමන හෝ ලිංගික හිංසනයන්ට ලක්වන බව සමීක්ෂණයකින් හෙළිවීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ලිංගික හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයෙන් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා අදාළ යෙදවුම්වල ප්‍රමිතිය තහවුරු කරන ලෙස අදාල සමාගම් වෙත මේ වනවිටත් ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ලිංගික ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර සම්බන්ධව ලද පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යැම හේතුවෙන් ඒ සදහා සීමා පැනවීමට පසුගිය ජනවාරි මස සිට යෝජනා ඉදිරිපත්ව තිබුණා.

මේ වන විට ඔස්ටේ්‍රලියාව තුළ කුමන හෝ dating ඇප්ලිකේෂණයක් භාවිත කරන පරිශීලකයින් ගණන මිලියන තුන ඉක්මවා ගොස් තිබෙනවා.
වසර 5 ක් තුළ සිදු කළ සමීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ලිංගික අතවර, තර්ජන සහ අසභ්‍ය ඡායාරූප මත පදනම් වූ ලිංගික හිංසනයන්ට පරීශීලකයින් මුහුණ පා ඇති බවයි.
කෙසේ වෙතත් ඔබ හෝ ඔබේ සමීපතමයෙකු යම් ආකාරයේ ලිංගික හිංසනයකට ලක්වන්නේ නම් 1800 737 732 යන දුරකතන අංකය හෝ 000 (ට්‍රිපල් සීරෝ) යන ක්ෂණික ඇමතුම් අංකය හා සම්බන්ධ වෙමින් ඒ පිළිබද දැනුවත් කිරීමට අවස්ථාව හිමිවනවා.