
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 03 ට හෙවත් මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07.30 ටයි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එය ආරම්භ වන්නේ.
දැනට ආසියානු කුසලානයේ හිමිකාරීත්වය දරන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

පකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගිය බ්‍රහස්පතින්දායි.
මේ අතර ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇති බවයි.
පකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් ආබාධයකට ලක්වුණා.