මෙතෙක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයන් වෙත විශේෂ නිවේදනයක්

මෙතෙක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා නොමැති එහෙත් ලබන ඔක්තෝබර් 14 වන දිනට පෙර එය ලැබීමට නියමිත පුද්ගලයන් වෙත මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් ලබන සඳුදා දිනයට පෙර ඊට අදාළ ලේඛණ සමග කොමිසම වෙත ඒ බව දන්වා ලියාපදිංචි විය යුතුයි.

එසේ නොවුණහොත් ලබන මස 14 වන දින පැවැත්වෙන ජනමත විචාරණයේදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඡන්දය නොදෙන පුද්ගලයන්ට දඩ නියම කල හැකියි.

මේ අතර හෙට එනම් සැප්තැම්බර් 17 වන ඉරිදා දිනයේදී රට පුරා පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රැසක් සංවිධාන කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »