ඉන්දියාවට එරෙහි තරගයේ ජය බංග්ලාදේශයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 06 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඉන්දියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 265 ක් රැස්කරගත්තා.

ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 05 කදී සියලූදෙනා දැවී රැස්කරගගත හැකිවූයේ ලකුණු 259 ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශුබ්මන් ගිල් පන්දු 133 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 121 ක් ලබා ගත්තා.

ආසියානු කුසලානයේ අවසාන මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »