පාසල් නිවාඩු එළැඹීමත් සමග ඔස්ට්‍රේලියාව පුරා ගුවන් තොටුපළවල දැඩි තදබද

පාසල් නිවාඩු සමය එළැඹීමත් සමග ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා ගුවන් තොටුපළවල දැඩි තදබද පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.

ඒ අනුව කාර්යබහුල කාල සීමාවකට මුහුණ දීම සඳහා පියවර ගනිමින් ඇති බවයි බ්‍රිස්බන් – මෙල්බන් සහ සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් සඳහන් කලේ.

සැප්තැම්බර් පාසල් නිවාඩු සමයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන මගීන් සංඛ්‍යාව මිලියන 1.65 ක්.

එයින් මිලියන 1.3 ක් පමණ අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරත වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

නිවාඩු කාල සීමාවේදී මිලියන 1.74 ක් බැගින් වන පිරිසක් මෙල්බන් සහ සිඩ්නි ගුවන් තොටුපළ භාවිත කරනු ඇති බවට ද අනාවැකි පළවනවා.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »