ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් හෘදයාබාධවලදී උපකාර පමාකරන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් හෘදයාබාධ සදහා ක්ෂණික උපකාර සේවා පැතීම ප්‍රමාද කරන නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ප්‍රවාහන ගැටලූ, ගිලන් රථ සේවා ප්‍රමාදයන් මෙන්ම හදිසි සේවා ඇමතීම සඳහා පවතින ඉංග්‍රීසි භාෂා ගැටලූ ඊට වැඩි වශයෙන් බලපා ඇති බව සඳහන්.

හෘදයාබාධයකට ගොදුරු වී උපකාරක සේවා හා සම්බන්ධ වීමට පැයකට අධික කාලයක් ගතවන බව බවටයි සොයා ගෙන ඇත්තේ.

නියමිත වේලාවට ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ජීවිත අවධානමද ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

රෝගීන් 600 ක් පමණ යොදා ගනිමින් අදාළ සමීක්ෂණය සිදු කර ඇති අතර උප සහරා අප්‍රිකානු කලාපයේ සිට පැමිණි සංක්‍රමණිකයින් හෘද රෝග වලට ලක්වීමේදී ප්‍රතිකාර සඳහා පැමිණිමට පැය 6 ක සාමාන්‍ය කාලයක් ගතවන බවයි සොයාගෙන ඇත්තේ.

මීට අමතරව මැද පෙරදිග සිට පැමිණි සංක්‍රමණිකයන් හට පැය 04 ක් ද අග්නිදිග ආසියානු ප්‍රදේශයන්ගෙන් පැමිණි සංක්‍රමණිකයන් සඳහා පැය 03 1/2 ක් සහ දකුණු ආසියානු සංක්‍රමණිකයන් සඳහා පැය 04 කට ආසන්න කාලයක් ගත වනු ඇති.

සමස්තයක් ලෙස සංක්‍රමණිකයින් අතුරින් සියයට 83 ක් ප්‍රතිකාර සදහා පැමිණිම ප්‍රමාධ වන අතර ස්වදේශිකයින්ගේ ප්‍රමාදය සියයට 48 ක්.

එහෙත් ඔස්ට්‍රේලියානුවන්ට හෘද රෝග ප්‍රතිකාර සඳහා ගතවන සාමාන්‍ය කාලය පැය 1 1/2 ක් පමණ වන බවයි පැවසෙන්නේ.

ඇතැම් සංක්‍රමණිකයන් හට සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැති වීම / අධික ගිලන් රථ සේවා ගාස්තු මෙන්ම වෛද්‍ය වියදම් හේතුවෙන් නිසි ප්‍රතිකාර සදහා යොමුවීම ප්‍රමාද කරන බවයි වාර්තා වන්නේ.

විවිධ භාෂා වලින් ඇමතිය හැකි සෞඛ්‍ය යෙදුම් නිර්මාණය කිරීම ඇතුලූ සංක්‍රමනික ප්‍රජාවගේ මෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට ද සෞඛ්‍ය අංශ විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »