ආක්‍රමණශීලී බැක්ටීරියා අවධානමක් සම්බන්ධයෙන් NSW ප්‍රාන්තයට අනතුරු ඇගවීමක්

ආක්‍රමණශීලී බැක්ටීරියා ආසාදන අවධානමක් සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

මෙනින්ගොකොකොල් ලෙස නම් කර ඇති බැක්ටීරියා ආසාධිත පුද්ගලයින් 28 දෙනෙකු මේ වනවිට ප්‍රාන්තය තුලින් හඳුනා ගෙන ඇති අතර තවත් අක්‍රමණශීලි බැක්ටිරියා ප්‍රභේදයක් ආසාධිතයින් 544 ක් ද හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාධන දෙකම බරපතල මෙන්ම ජීවිත තර්ජන ඇති කරන අතර බව සඳහන්.

දැඩි හිසරදය – ගෙලෙහි අපහසුතා, දීප්තිමත් ආලෝකයට අකමැති වීම මෙන්ම සන්ධි වේදනා මෙම බැක්ටිරියා ආසාධනයෙහි පොදු ලක්ෂණයි.

රෝගය ආසාධනය වීමෙන් අනතුරුව රතු පැහැ ගැන්වු ලප ශරීරය තුළ හට ගන්නා අතර ඒ ආශ්‍රිත කැසීම් මගින් තුවාල හට ගන්නා බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඉහත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම වැදගත් වන අතර රෝග ආසාධිතයින් මගින් අනෙක් පුද්ගලයින්ට රෝග ව්‍යාප්ත වීමේ අවධානමක් ද පවතිනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »