Search

දේපළ ආයෝජන සඳහා නරකම ප්‍රාන්තය වික්ටෝරියා ? අගමැතිගෙන් උත්තර

දේපළ ආයෝජන සඳහා ඔස්ට්‍රේලියාවේ අයහපත්ම ප්‍රාන්තය වික්ටෝරියා බවට වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Property Investment Professionals of Australia ආයතනය විසින් ඊයේ නිකුත් කල වාර්තාවක සඳහන්වූයේ මෙල්බන් ඇතුලු වික්ටෝරියා හි නගර රැසක දේපළ ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූ ආයෝජකයන් ඒවා වෙනත් පාර්ශව වෙත අලෙවි කර ඇති බවයි.

ඒ අනුව මේ දක්වා දේපළ 217,000 ක් පමණ එලෙස අලෙවි කර අවසන් බවද එම වාර්තාවේ දක්වා තිබුණා.

වික්ටෝරියා හි ක්‍රියාත්මක විවිධ බදු හේතුවෙන් වික්ටෝරියා හි නව ආයෝජන සිදුකිරීමට ඇතැමුන් අකමැත්තක් දක්වන බවයි මෙහිදී අනාවරණය වී තිබුණේ.

කෙසේවෙතත් වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කරන්නේ අසත්‍ය දත්ත මත පදනම්ව අදාළ වාර්තාව සකස් කර ඇති බවටයි.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම් හමුවේ වික්ටෝරියාවට පමණක් නොව සමස්ත රටටම බලපෑම් එල්ලවී ඇති බවද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දෙනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ වැඩිම බදු ගෙවන ප්‍රාන්තය වික්ටෝරියා වන අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා සියයට 09 ක පමණ ඉහළ අගයකයි එය දැනට පවතින්නේ.

2024-25 වසර වනවිට එම පරතරය සියයට 21 ක් දක්වා තවත් ඉහළ යා හැකි බවටද අනතුරු ඇගවෙනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »