නොමිළයේ ගුරු උපාධි හදාරන්න වික්ටෝරියා ප්‍රාන්තයෙන් ශිෂ්‍යත්ව

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරු උපාධි සඳහා ඇතුළත් වන අපේක්ෂකයින්ට නොමිළයේ උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

2024 සහ 2025 වසරවල ගුරු උපාධිය සඳහා ඇතුලත් වන්නන් වෙනුවෙන් ඩොලර් මිලියන 230 ක මුදලක් මේ යටතේ වෙන් කෙරෙනු ඇති.

එහි මූලික අධියර යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ද්විතික පාසැල් සිසුන්ට ගුරු උපාධිය හැදෑරීම සදහා ඩොලර් මිලියන 93.2 ක ශිෂ්‍යත්ව
ලබා දීමට නියමිතයි.

වසර 04 ක උපාධියක් සදහා ඩොලර් 18,000 ක මුදලක් හෝ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සදහා ඩොලර් 9,000 ක මුදලක් ඒ යටතේ ලබාදෙනු ඇති.

උපාධිය ලැබීමෙන් අනතුරුව වසර දෙකක කාලයක් විකටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසැල්වල ගුරු පුහුණුව සදහා අවස්ථාව හිමිවන අතර එමගින් අමතර මුදලක් උපයා ගැනීමටද අවස්ථාව හිමිවනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම වසරකදීම නවක ගුරුවරුන් 4,000 ක් පමණ ගුරු වෘත්තිය සදහා අලූතින් එක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

උපාධිදාරි ගුරුවරුන් සදහා තම වෘත්තීය නිපුණත්වය සදහා නව වැඩසටහන් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ 2025 වසරේ උපාධිධාරීන් රැකියා ගත කිරීම සදහා ඩොලර් මිලියන 13.9 ක මුදලක්ද වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

2020 සහ 2022 අතර වික්ටෝරියා ප්‍රාන්තයේ හි ලියාපදිංචි ගුරුවරුන් සංඛ්‍යාව 5000 කින් පමණ වැඩිවී ඇති බවටද හෙළි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »