රෝගාබාධ සඳහා අන්තර්ජාලයෙන් අලෙවි කරන පණුවන් ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක්

අන්තර්ජාලය ඔස්සේ විවිධ රෝග සදහා අළෙවි කරනු ලබන සජිවී පණු විශේෂ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඖෂධ නියාමන අධිකාරිය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අගවනවා.

බඩවැල් ආශ්‍රිත ආසාධන වලට ප්‍රතිකාර කිරීම් සඳහායි මෙම සජීවි පණුවන් අළෙවි කරනු ලබන්නේ.

කෙසේවෙතත් මෙලෙස මිලදී ගනු ලබන සෑම සජීවි පණු විශේෂයක්ම රෝග සඳහා සුදුසු නොවන බවයි ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ.

සජීවී පණුවන් මගින් වෙනත් ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ද වෛද්‍යවරුන් සඳහන් කරනවා.

අන්තර්ජාලය හරහා ඩොලර් 50 ක පමණ මිළකට මෙම සජීවි පණුවන් මිළදී ගත හැකියි.

වෛද්‍ය අනුමැතියකින් තොරව සජීවි පණුවන් භාවිත නොකරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම අනුමත නොකළ සජිවි පණුවන් අලෙවි කිරීම තහනම් කරමින් ඖෂධ නියාමන අධිකාරිය නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »