දඩ ගෙවා නොමැති ක්වින්ස්ලන්ඩ් රියදුරන් 43,651 ක් දක්වා ඉහළට

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආසන පටි නීති උල්ලංඝණය කල රියදුරන්ගෙන් අයකරගත යුතු හිග දඩ මුදල ඩොලර් මිලියන 33 කට ආසන්න වී තිබෙනවා.

රියදුරන් 43,651 දෙනෙකු මෙලෙස දඩමුදල් ගෙවා නොමැති අතර එය පසුගිය වසර 02 තුළදි 19,181 කින් ඉහළයාමක් වනවා.

ඩොලර් 413 ක් ලෙස පැවති ආසන පටි නීති කැඩීමේ දඩ මුදල පසුගිය ජුලි මස සිට ඩොලර් 1,078 දක්වා වැඩිකිරිමටයි ප්‍රාන්ත රජය පියවර ගනු ලැබුවේ.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක සවිකර ඇති කැමරා පද්ධති මගින් 2021 වසරේ සිට ආසන පටි නිසි ලෙස පැළද නොමැති රියදුරන් හදුනා ගැනීමට පියවර ගෙන තිබුනා.

2021 වසරේ ජුනි මස වන විට හිග දඩ මුදල ඩොලර් මිලියන 5.9 ක් වූ අතර 2023 වන විට එය සියයට 450 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 297 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එය පසුගිය වසර 05 ක සාමාන්‍ය මාරක රිය අනතුරු සංඛ්‍යාවට සාපේක්ශව සියයට 17 ක ඉහළයාමක්.

අධික වේගය, රිය ධාවනයේදි ජංගම දුරකතන භාවිතය, මාර්ග සංඥා කඩකිරීම් සහ නිසි පරිදි ආසන පටි පැලද නොසිටීම වැනි රිය ධාවන වැරදි සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන බවයි ක්වින්ස්ලන්ඩ් පොලිසිය සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »