ඉදිරි සති කිහිපයේදී බැටළු මස් මිල කැපී පෙනෙන ලෙස පහළ යන අනාවැකි

ඉදිරි සති කිහිපයේදී සුපිරි වෙළඳසැල්වල බැටළු මස් මිල කැපී පෙනෙන ලෙස පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොල වෙත බැටළු මස් සපයන ප්‍රධාන ආයතන පවසන්නේ ජාත්‍යන්තර වෙළඳපළෙහි මිල පහත වැටීම ඊට හේතුව බවයි.

පසුගිය වසර 03 ක කාලය තුල වෙළඳපලෙහි බැටලූ මස් මිල ඉහළ අගයක පැවතුණා.

එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් ඉදිරි මාස කිහිපය තුල බැටලූ මස් මිල තවදුරටත් පහත දැමීමටයි වෙළදසැල් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වසර 25 කට පමණ පසු බැටලු මස් මිළෙහි සීඝ්‍ර පහළයාමක් ඉදිරියේදී අපේක්ෂා කල හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මිළ පහළයාම හමුවේ තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි බැටලු මස් නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.

මේ වන විට බැටලූ මස් කිලෝවක් සඳහා නිෂ්පාදකයන්ට ලැබෙනුයේ ඩොලර් 4.70 ක මිළක් වන අතර සුපිරි වෙළඳසැල්වල සකස් කරන ලද බැටලූ මස් කිලෝවක මිල ඩොලර් 10 – 12 ත් අතර අගයක් වන බව සඳහන්.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »