
ඩිලිවරි සේවා ඇතුලු ඔන්ලයින් ක්‍රමය මත පදන්මව සුලු ව්‍යාපාර වල යෙදෙන සේවකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් හඳුන්වා දෙන නව නීති ෆෙඩරල් රජය විසින් අද ප්‍රකාශයට පත් කෙරෙනවා.
එම නව රෙගුලාසි ලබන සතියේදී ෆෙඩරල් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සේවක වැටුප් සහ අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්, සේවා ප්‍රමිතීන්, දඩ අනුපාත සහ විශ්‍රාම වැටුප් සම්බන්ධ නව කොන්දේසි මාලාවක් ඊට ඇතුලත්.

විශේෂයෙන් ආහාර හා විවිධ බෙදාහැරීම් වල නියුතු සේවකයින් හට සිදුවන බලපෑම් අවම කිරීම මෙම නව නීතිවල අරමුණයි.
සුලූ ව්‍යාපාර වල යෙදෙන සේවකයින් ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජානා පාර්ලිමේන්තු කොමිශන් සභාවෙත ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශව වලට මේ දින වල අවස්ථාව හිමිවනු ඇති.

මෙවැනි කර්මාන්තවල යෙදෙන සේවකයින් 13 දෙනෙකු මෙම මාසය තුළදී පමණක් ඔස්ට්‍රේලියානු මාර්ගවලදී මියගොස් ඇති බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
නව නිති ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් ලබන වසරේ ජූලි 01 දා සිට බලාත්මක වීමට නියමිතයි.