සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ ගන්නා 9/10 ක්ම වියදම් කපා හැරීමක

සුපිරි වෙළඳසැල් මගින් භාණ්ඩ මිළදී ගන්නා සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් නව දෙනෙකු පමණ වියදම් පාලනය කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පාරිභෝගිකයින් 4000 කට අධික පිරිසක් යොදාගනිමින් කෝල්ස් සුපිඑි වෙළඳසැල් ජාලය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඉන් සියයට 90 කට වැඩි පිරිසක් මිලදී ගැනීම් පාලනය කර ඇති බව සඳහන්.

අධික ජීවන වියදම හමුවේ බිල්පත් ගාස්තු අවම කරගැනීමට කටයුතු කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

විශේෂයෙන් තරුණ ප්‍රජාව මාංශ මිලදී ගැනීම් පාලනය කර ඇති අතර සංග්‍රහ කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවතින අතර ශීතකල ආහාර වෙත වැඩි වශයෙන් යොමුවීමක් නිරීක්ෂණය කෙරෙනවා.

ඉදිරි මාස තුනක කාලය තුළ සුපිරි වෙළදසැල්හි මෙන්ම අන්තර්ජාලය ඔස්සේ අලෙවි වන නිශ්පාදන 500 කට අධික ප්‍රමාණයකගේ මිල ගණන් පහත වැඩීමක් සිදුවිය හැකි බවටද අනාවැකි පළවනවා.

විශේෂයෙන් නත්තල් සමය ඉලක්ක කර ගව මස් / ඌරු මස් හා බැටලූ මස් ආදි ආහාර වර්ග 25 ක පමණ මිල ගණන් අඩුකිරිමට නියමිතයි.

ඉදිරි වසර ආරම්භයේ ශීතකල ආහාර, බීම වර්ග, බිස්කට් හා ගෘහ ආශ්‍රිත භාණ්ඩයන්ගේ මිල ගණන් පහත දැමීමටද සුපිරි වෙළදසැල් පියවර ගෙන තිබෙනවා.

මේ අතර Woolworths ද නිවේදනය කළේ අගෝස්තු 23 වනදා සිට නොවැම්බර් 28 අතර කාලය තුල නිශ්පාදන 450 ක පමණ විශේෂ මිල අඩුකිරීමේ දීමනාවක් ක්‍රියාත්මක වන බවයි.

SOURCE : https://www.9news.com.au/national/coles-price-reduction-hundreds-items-savings-on-shopping/9ecf9da5-b75a-4203-818d-251e9230451c

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »