මෙල්බන් Airbnb නවාතැන් සඳහා දැඩි රෙගුලාසි

Airbnb නවාතැන් සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පැණවීමට මෙල්බන් නාගරික කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කෙටිකාලීන කුළී නවාතැන් සපයන ස්ථානවලින් වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කෙරෙන අතර නිවාස කුළියට දිය හැකි උපරිම දින ගණන සඳහාද සීමා පැණවීමට නියමිතයි.

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට බලාත්මක කෙරෙන මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් අවසාන තීරණයක් ලබන නොවැම්බර් මාසය වනවිට ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙල්බන් නගරයේ දැනට පවතින උග්‍ර නිවාස අර්බුදය මීට හේතුවු බවයි නගරාධිපතිනී සැලී කැප් සඳහන් කලේ.

නවාතැන් සම්බන්ධයෙන් දැනට පවතින ලිහිල් රෙගුලාසි හමුවේ පුහුණු ශ්‍රමිකයන් ලෙස මෙල්බන් නගරයට පැමිණෙන සංක්‍රමණිකයන්ට නවාතැන් පහසුකම් සපයාගැනීමේදී දැඩි අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ වනවිට මෙල්බන් නගරයේ ඇති Airbnb නවාතැන් සංඛ්‍යාව 4,100 කට ආසන්නයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »