
විශ්‍රාම යාමෙන් පසු ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් සංක්‍රමණය වන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.
2018-19 වකවානුවට වඩා 2021-22 කාලයේදී එහි වයස්ගත ජනගහණය 76,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
මෙම වකවානුව සැළකිමේදී ක්වීන්ස්ලන්ඩ් හි වයස අවුරුදු 80 ට වැඩි ජනගහණය සියයට 50 කින් පමණ ඉහළගොස් ඇති බවද සඳහන්.

කෙසේවෙතත් ප්‍රතිශතයක් ලෙස වැඩිම පිරිසක් සංක්‍රමණය වන ප්‍රාන්තය බවට හඳුනාගෙන ඇත්තේ ටස්මේනියාවයි.
දකුණු ඔස්ට්‍රේලියාව 02 වන ස්ථානයටත් – නිවු සවුත් වේල්ස් 03 වන ස්ථානයටත් පත් වී තිබෙනවා.
