Search

ආර්ථික හා මානසික ප්‍රශ්න නිසා ඔස්ට්‍රේලියානු මළල ක්‍රීඩකයින් ක්‍රීඩාව අත්හැරීම ඉහළට

මූල්‍ය සහ මානසික පීඩන හේතුවෙන් ඔස්ට්‍රේලියානු මළල ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,300 ක් යොදාගෙන සිදුකල මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ විශිෂ්ඨ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගෙන් හරි අඩක් පමණ දරිද්‍රතා රේඛාවෙන් පහළ අගයක පසුවන බවයි.

එනම් ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 23,000 කට අඩු අගයක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතුරින් සියයට 40 කට වැඩි පිරිසකගේ ආර්ථිකය පෙර වසරට සාපේක්ෂව පහළ වැටී ඇති අතර 1/4 ක් පමණ කුමන හෝ මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙනෙ බව සඳහන්.

වයස අවුරුදු 18 ත් 34 ත් අතර පසුවන ක්‍රීඩකයින් අතුරින් 2/3 ක්ම ක්‍රීඩාව අතහැර යාම සළකා බලමින් ඇති බවයි වාර්තා වන්නේ.

2026 වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණඩල ක්‍රිඩා උළෙල සදහා නිර්දේශිත ක්‍රීඩකයින් අතුරින් 2/3 ක්ද 2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලින් පසු සියයට 43 ක් ද ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහස් කරන බව සඳහන්.

නිවාස කුළී හා උකස් ණය වාරික අගයන් ඉහළයෑම මීට ප්‍රධාන හේතු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා රජයේ අරමුදල් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වීමට
ඔවුන් දිරිමත් කල යුතු බව ද ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.

SOURCE : https://www.abc.net.au/news/2023-08-30/almost-half-of-elite-athletes-earn-below-poverty-line/102792076

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »