ඔස්ට්‍රේලියානු උසස් පාසල් විද්‍යා විශය මාලාවල විද්‍යාඥවරියන් අමතක කර ඇතැයි චෝදනා

ඔස්ට්‍රේලියානු උසස් පාසල් විද්‍යා විශය මාලා සඳහා කාන්තා විද්‍යාඥවරියන්ගේ නම් ඇතුළත් කර නොමැති බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පිරිමි විද්‍යාඥයින් 150 දෙනෙකු පිළිබඳ සඳහන් වුවද පාඩම් මාලා තුළ ඇතුළත්ව ඇත්තේ එක් කාන්තා විද්‍යාඥවරියකගේ නම පමණක් වීම කණගාටුදායක බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

සමස්ත විද්‍යා විශය මාලාව තුල සඳහන් කර ඇති එකම විද්‍යාඥවරිය බ්‍රිතාන්‍යයේ රසායන විද්‍යාඥවරියක වන රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන් වනවා.

පාසල් විශය මාලා තුලින් කාන්තා නියෝජනය මගහැරීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ගැටලූවක් මෙන්ම කාන්තා විද්‍යාඥවරියන් අවතක්සේරුවට ලක් කිරීමක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

භෞතික විද්‍යාවට විශිෂ්ඨ මෙහෙයක් සිදු කල මාරි කියුරි වැනි විද්‍යාඥවරියන් ද ඔස්ට්‍රේලියානු උසස් පාසල් විද්‍යා විශය මාලා තුළ සදහන් නොවීම ගැටලූ සහගත බව විචාරකයින් පවසනවා.

මෙම ගැටලූව විසදීම සදහා විශය මාලා නිර්දේශකයින් සමග එක්ව කටයුතු කරන බව බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

මේ අතර අධ්‍යාපන විද්වතුන් පෙන්වා දෙන්නේ කාන්තා විද්‍යාඥවරියන්නේ නම් පමණක් විශය මාලාවට ඇතුළත් කිරීමෙන් මීට විසඳුම් නොලැබෙන බවයි.

යුරෝපා සහ උතුරු ඇමරිකානු සොයාගැනීම් හා විද්‍යාඥයින් පිළිබදව විශයමාලා තුල වැඩි අවධානයක් යොමුකර ඇති බවට ද චෝදනා මතුව තිබෙනවා.

කෙසේ වෙතත් මේ තත්වය සිසුන්ගේ අධ්‍යාපනයට සෘණාත්මක බලපෑමක් ඇතිවන බවයි විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »