මීටර් ක්‍රියාත්මක නොකරන QLD ටැක්සි රියදුරන්ට $ 3,096 ක දඩ

ටැක්සිවල මීටර ක්‍රියාත්මක නොකරන ක්වීන්ස්ලන්ඩ් කුලී රියදුරන්ට ඩොලර් 3,096 ක දඩයක් පැණවීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්තයේ සෑම කුලී රථයක් සදහාම මීටර් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන නව නීති ලබන ඔක්තෝබර් මස සිට බලාත්මකයි.

කලින් ගාස්තුවක් සඳහා එකගවී ඇතත් නව නීති යටතේ කුලී රියදුරන්ට ගමනාන්තයේදී මීටරයේ පෙන්නුම් කරන ගාස්තුව පමණක් අය කිරීම අනිවාර්ය වනවා.

ඒ අනුව කලින් එකග වූ මුදලට වඩා අඩු අගයක් මීටරය තුල දිස්වන්නේ නම් වැඩි මුදලක් අය කිරීමට නව නීති යටතේ රියදුරන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.

නිසි ක්‍රමවේදයකින් තොරව කුලී රථ රියදුරන් ගමන්වාර සදහා අධික ගාස්තු අය කරන බවටයි මගීන් චෝදනා නගන්නේ.

උපරිම ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන කුලී රියදුරන් සහ මීටරය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලූම් කරන මගීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන රියදුරන් හට ඉදිරීයේදී තවත් දැඩි නීතී ක්‍රියාත්මක වනු ඇති.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »