ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම බැංකුව රැකියා කප්පාදුවක

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම බැංකුව වන NAB බැංකුව රැකියා කප්පාදුවකට සූදානම් වනවා.

ඒ අනුව අළෙවි අංශයේ සමස්ථ රැකියා 600 න් සියයට 10 ක් හෙවත් රැකියා 60 ක් මෙලෙස කපා හැරීමට නියමිතයි.

මෙම රැකියා කප්පාදුව මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිත නමුත් එය අභ්‍යන්තර සේවකයන්ට නිල වශයෙන් තවමත් දැනුම් දී නැහැ.

කෙසේ වෙතත් බලපෑමට ලක්වන සේවකයින් සම්බන්ධව ප්‍රමුඛතාවය ගෙන ඔවුන්ට සහන සැපයීමට ද NAB බැංකුවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී NAB බැංකුව සඳහන් කළේ අඩු වැටුප් ලබන සේවකයින් හට ඉදිරි වසර 03 ක කාළය තුල සියයට 17.5 කින් වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන බවයි.

ඉහළ යන උද්ධමනය, පොලී අනුපාතික හා වියදම් කපා හැරීම හේතුවෙන් තවත් බැංකු කිහිපයක්ද ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව මත මේ වනවිට රැකියා කප්පාදු නිවේදනය කර තිබෙනවා.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »