Working holiday වීසා වෙනස්කම් නිසා පළතුරු කැඩීම් සේවක හිගයක් ?

Working holiday වීසා සඳහා හඳුන්වාදීමට යෝජිත නව වෙනස්කම් හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු තත්වයක් උදාවනු ඇති බවට ගොවිපොළ හිමියන් අනාවැකි පළකරනවා.

බටහිර ඔස්ට්‍රේලියා – ක්වීන්ස්ලන්ඩ් සහ Northern Territory වැනි ප්‍රාන්තවල ගොවිපොළවල පළතුරු කැඩීම ඇතුලු සේවා රැසක් ඉටු කරනු ලබන්නේ Working holiday visa මත පැමිණෙන Backpacker වරුන් විසින් වීම ඊට හේතුවයි.

දැනට පවතින වීසා කොන්දේසි අනුව regional ප්‍රදේශයක දින 88 ක් රැකියාවක් කර ඇති අයෙකුට සිය වීසා බලපත් කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පවතිනවා.

එහෙත් ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යෝජිත සංක්‍රමණ නීති වෙනස්කම් අතර ප්‍රධාන සංශෝධනයක් වන්නේ Working holiday visa වලංගු කාලය වසරකට සීමා කිරීමයි.

මේ හරහා සිය ගොවිපොළවල රැකියා සඳහා පැමිණෙන පිරිස විශාල වශයෙන් අඩුවිය හැකි බවටයි ගොවිපොළ හිමියන් අනතුරු අගවන්නේ.

විශේෂයෙන් එළඹෙන ග්‍රීෂ්ම සෘතුවට පෙර අදාළ නීති බලාත්මක කළහොත් තත්වය තවත් උග්‍ර වනු ඇති බවටද ඔවුන් පුරෝකථනය කර සිටිනවා.

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »