ඩාර්වින් යුධ ගුවන් යානා අනතුර ගැන විමර්ශන රැසක්

ඩාර්වින් ආසන්නයේදී සිදුවූ යුධ ගුවන් යානා අනතුරකින් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් ආරම්භ වී තිබෙනවා.

අමෙරිකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් අතරතුර ඊයේ පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් සෙබලුන් 05 දෙනෙකු තුවාල ලැබූවා.

අනතුර සිදුවනවිට අදාළ යුධ ගුවන් යානයේ 23 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ සිදුකරන විමර්ශනවලදී අමෙරිකානු ආරක්ෂක අංශවලද සහයෝගය ලබාගන්නා බවයි.

ඩාර්වින් සිට කිලෝමීටර් 60 ක් පමණ දුරින් පැවැත්වෙන මෙම හමුදා අභ්‍යාසයට හමුදා සෙබලුන් 2,500 කට වැඩි පිරිසක් සහභාගී වී සිටිනවා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »