Search

වසර 39කට පසු ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම සංචාරක රට වෙනස් වෙයි

ඔස්ට්‍රේලියානුවන් සංචාරය කිරීම සඳහා වඩාත් ප්‍රියතාවක් දක්වන රටවල් 10 නම් කර තිබෙනවා.

පසුගිය වසර 40ක කාලසීමාව තුළ වාර්තා වූ තොරතුරු මත පදනම්ව ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් පසුගිය දා එම වාර්තාව නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු සංචාරකයින් වැඩිම කැමැත්තක් දක්වන සංචාරක රට ලෙස 1983 වසරේ සිට 2022 වසර දක්වා හදුනාගෙන ඇත්තේ නවසීලන්තයයි.

මෙහි විශේෂත්වය වනුයේ අඛණ්ඩව වසර 39ක් පුරා ඔස්ටේ්‍රලියානුවන් වැඩි වශයෙන් සංචාරය කර ඇති රාජ්‍ය ලෙසයටයි නවසීලන්තය නම් කර ඇත්තේ

නවසීලන්තය තැබූ වාර්තාව 2023 වසරේ දී පමණක් ප්‍රථම වරට ඉන්දුනිසියාව හිමිකර ගත් අතර පසුගිය වසරේ දී පමණක් ඔස්ට්‍රේලියානුවන් 13 ලක්ෂ හැට අටදහස් පනහක් ඉන්දුනිසියාවට සංචාරය කර තිබුණා.

2023 වසරේ නවසීලන්තයේ සංචාරයට ගිය ඔස්ට්‍රේලියානුවන් ගණන 12 ලක්ෂ හැටතුන්දහස් පන්සිය හතලිහක් වනවා.

2023 වසරේ සංචාරක දත්ත මත පදනම්ව නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියානු සංචාරක ආකර්ෂණය අතින් තෙවන ස්ථානයට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියානු සංචාරකයින් හය ලක්ෂ හාරදහස් අසුවක් සංචාරය කරමින් බි්‍රතාන්‍ය 4 වන ස්ථානයටත් තායිලන්තය පස්වන ස්තානයටත් නම් කර තිබුණා.

ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 6 වන ස්ථානයේ වීම විශේෂත්වයක්

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »