පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ගැන සෙනෙට් කමිටු විමසීම ඇරඹෙයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් සෙනෙට් කමිටු කරුණු විමසීම අද ආරම්භ වි තිබෙනවා.

තරගාවලියට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට නොහැකිවීම සම්බන්ධ සැබෑ කරුණු හෙළි කර ගැනීමයි මෙහි අරමුණ වන්නේ.

තරගාවලියේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් මෙහිදී නැවතත් අවධාරණය කරනු ලැබුවා.

එමෙන්ම වන්දි ලෙස ඩොලර් මිලියන 380 ක මුදලක් ලබාදීමට ගත් තීරණය පිළිබඳවද මෙම කරුණු විමසීමේදී විමසා බැලීමට නියමිතයි.

බොහෝ දුරට 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමද ඇති හැකියාවද මෙහිදී විමසා බැලෙනු ඇති.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »