ඔස්ට්‍රේලියාව තුළ සිදුවන ඖෂධ අධි මාත්‍රා මරණ වාර්ෂිකව ඉහළට

ඖෂධ අධි මාත්‍රා ලබා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළදී සිදුවන මරණ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරේදී එවැනි මරණ 1,675 ක් සටහන්වී ඇති අතර මින් මරණ 765 ක්ම සිදුවී ඇත්තේ වේදනා නාශක ඖෂධ අධි භාවිතයෙන් බව සඳහන්.

ගතවූ වසර 20 ක කාලය සැළකීමේදී ඖෂධ සම්බන්ධ මරණ 37,000 ක් පමණ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා.

සිතාමතා නොව වේදනා නාශක ඖෂධ අධි භාවිතයෙන් සිදුවන කාන්තා මරණ සංඛ්‍යාවේ ඉහළයාමක්ද මෙම කාලයේදී නිරීක්ෂණය වන බව සඳහන්.

කොවිඩ් සමයෙන් පසු එම තත්වය ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »