ඇඩිලේඩ් පාසලක පිහි ඇණුමකින් අවුරුදු 12 ක දැරියකට තුවාල

ඇඩිලේඩ් හි පාසල් පරිශ්‍රයක් තුල සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් සිසුවියක තුවාල ලබා රෝහල් ගත කර ති‌බෙනවා.

සිද්ධියෙන් අනතුරුව පාසල තාවකාලිකව වසා දෑමිමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කැපුම් තුවාල සහිතව තුවාල ලබා රෝහල්ගත කළ අවුරුදු 12 ක් වයසැති සිසුවියගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියට අදාළ සැකකරු එම පාසලේම සිසුවෙකු වන අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් අනතරුව පාසලේ අනෙකුත් සිසුන්ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවයි විදුහල්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

පාසල තාවකාලිකව වසා දැමුවද පාසලේ කිසිදු සිසුවකුට ඉදිරියේ දී මෙවැනි අවධානමක් නොමැති බව පොලීසිය අවධාරණය කරනවා.

විදුහල්පතිවරයා වැඩීදුරටත් සඳහන් පාසල් කාර්ය මණ්ඩලයට සහ සිසුන්ගේ පවුල් වෙත නිරතුරු උපදේශණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියා පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »