
මෙල්බන් නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී කැසිනෝ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අති විශාල මුදලක් – මත්ද්‍රව්‍ය – ඇල්කොහොල් සහ කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා යොදාගන්නා උපකරණ රැසක්ද මෙහිදී සිය භාරයට ගත් බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
මෙම ස්ථානයට ඇතුලුවීම සඳහා ඩොලර් 8000 ක වටිනාකමින් යුත් ද්‍රව්‍ය මිළදී ගැනීම අනිවාර්ය නීතියක් ලෙස පැවති බවටයි වාර්තා වන්නේ.

සෑම දිනයකම 50 කට ආසන්න පිරිසක් මෙම ස්ථානයෙහි සූදූ ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
අත්අඩංගුවට පත්වූවන් අතර මෙම ස්ථානය පවත්වාගෙන ගිය බවට සැක කෙරෙන 35 හැවිරිදි අයෙකුද වන අතර ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් ගොණු කිරීමට නියමිතයි.

අනෙක් පිරිසට නීති විරෝධී සූදූ මධ්‍යස්ථානයක රැඳී සිටීම සහ මත්ද්‍රව්‍ය චෝදනා ගොණු කෙරෙනු ඇති.
ඔස්ට්‍රේලියානු නීතිය අනුව නීති විරෝධී සූදූ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ඩොලර් 192,000 ක දඩයක් සහ වසර 02 ක සිර දඩුවමක් නියම කල හැකියි.